නිව්යෝක් ඉන්දියන් සිනමා සම්මාන උළලේ(NYIFF) හොඳම තිර රචනය සඳහා වන නාමයෝජනා අතරට මෙරට නිෂ්පාදිත “තුන්දෙනෙක්” සිනමාපටය තේරී පත් වී තිබේ.
ඉන්දු-ඇමෙරිකන් ආට්ස් කවුන්සිල් විසින් 18 වැනි වරටත් සංවිධාන කරන මෙම සම්මාන උළෙල මැයි 7 වැනිදා සිට 12 වැනිදා දක්වා නිව්යෝක් නුවරදී පැවැත්වේ.
සම්මාන උළෙලට සමගාමිව මැයි 11 වැනිදා රාත්රී 9.30 ට “තුන්දෙනෙක්” සිනමාපටය ප්රදර්ශනය කිරීමට නියමිතය.
ප්රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගමගේ සම අධ්යක්ෂණයක් වන මෙම චිත්රපටය ජාතික සමගිය හා සංහිදිය කාර්යංශයේ නිෂ්පාදන කාර්යයකි.