ඕල් ලයිට්ස් ඉන්ඩියා ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල(ALIIFF) සඳහා නිර්මාණ භාර ගැනීම මේ දිනවල සිදු වේ.
තරගකාරී සහ තරගකාරී නොවන යන අංශ දෙක යටතේ සිනමාපට ඉදිරිපත් කිරීමට සංවිධායකයන් විසින් කාලපරිච්ඡේද තුනක් ලබා දී ඇත.
ඒවා නම්,
මුල්: මැයි 15 වැනිදා 2018
ස්ථිර: ජූලි 15 වැනිදා 2018
අවසන්: සැප්තැම්බර් 15 වැනිදා 2018 වේ.
ඒ අනුව තරගකාරී අංශය යටතේ හොඳම ශිෂ්‍ය කෙටි චිත්‍රපටය, හොඳම කෙටි චිත්‍රපටය, හොඳම වාර්තාමය චිත්‍රපටය, හොඳම ඉන්ඩිවුඩ් පැනොරමා චිත්‍රපටය, හොඳම කුළුඳුල් චිත්‍රපටය, හොඳම සිනමාපටය, හොඳම ඉන්දීය කුළුඳුල් සිනමාකරුවා, හොඳම ආසියානු සිනමාපටය උදෙසා හිමිවන නෙට්පැක් සම්මානය ඇතුළු සම්මාන 8 ක් සහ මුදල් ත්‍යාග එහිදී පිරිනැමෙනු ඇත.
තරගකාරී නොවන අංශ යටතේ නිර්මාණ ඉදිරිපත් කරන තරගකරුවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.
සජීවිකරණ සිනමාපට, ළමා සිනමාපට, කෙටි සිනමාපට, සංචාරක සටහන් එකී අංශ වේ.
සිව් වැනි වරටත් සංවිධාන කෙරෙන මෙම සම්මාන උළෙල මෙම වසරේ දෙසැම්බර් 1 වැනිදා සිට 4 වැනිදා දක්වා ඉන්දියාවේ හයිද්‍රබාද් නුවරදී පැවත්වීමට නියමිතය.
වැඩි විස්තර සඳහා http://aliiff.com/ වෙබ් අඩවියට පිවිසෙන්න.