සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කරනු ලබන “ජාතික අත්පිටපත් තරගය 2018” සඳහා නිර්මාණ භාර ගැනීම මේ දිනවල සිදු වේ.
උසස් ප්‍රමිතියකින් යුත් සිංහල නවකතා, කෙටිකතා, පද්‍ය සංග්‍රහ, ළමා කතා සහ සාහිත්‍ය, ඉතිහාසය, සංස්කෘතිය, පුරාවිද්‍යාව, කලාව, සෞන්දර්ය, ජනශ්රැතිය යන අනෙකුත් විෂයයන්ට අදාළ ශාස්ත්‍රීය හෝ පර්යේෂණ ග්රන්ථ රාජ්‍ය මට්ටමින් ප්‍රකාශයට පත්කර එම නිර්මාණ ක්ෂේත්රවල නිරතව සිටින නවක ලේඛක ලේඛිකාවන් දිරිමත් කිරීම අරමුණු කොටගෙන මෙම තරගය සංවිධාන කර ඇත.
අත්පිටපත් ලබාදිය යුතු අවසන් දිනය එළඹෙන මැයි 31 වැනිදා ය.
සංස්කෘතික දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දැක්වෙන ආකෘතිය පරිදි අයදුම්කරු විසින් සකසන ලද අයදුම්පත සමඟ පිටපත් තුනකින් යුත් අත්පිටපත පරිගණක ගත කර හෝ යතුරු ලියනය කර සංවිධායකයන් වෙත යොමු කළ යුතුය.
වැඩි විස්තර සඳහා