දිවංගත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිසට අයත් යාව ජීව ප්රණාම සම්මානය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යොමු කළ බව පොලිසිය ප්රකාශ කර තිබේ.
සම්මානයේ වටිනාකම් තක්සේරුවක් සහ අඩංගු ලෝහ වර්ගය විශ්ලේෂණය කිරීම එහිදී සිදු කෙරෙනු ඇත.
ආචාර්යවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කළ දින සම්මානය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් දමින්ද වැලිගොඩපිටිය 7 සඳුදා නියෝග කර තිබේ.
සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට ද තීරණය කර ඇත.