සිනමා ක්ෂේත්රයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට ජාතික චිත්‍රපට සංස්ථා භාරය මගින් පිරිනැමෙන දීමනාව තවත් කලාකරුවන් 120ට ලබාදීමට නීතිය සාමය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර තීරණය කර ඇතැයි සංස්ථාවේ සාමාන්‍යාධිකාරී නිමල් අබේවර්ධන පවසා තිබේ.
කලාකරුවන් 57ත් දෙනෙකුට මෙතෙක් එම දීමනාව ලබාදුන්නේ යැයි ද ඒ අනුව කලාකරුවන් එකසිය හැත්තෑ හත් දෙනෙකුට මෙම මස 15 වැනිදා සිට අදාළ දීමනාව පිරිනැමෙන්නේ යැයි ද ඔහු පවසා ඇත.
රුපියල් 2000ක් පැවැති මෙම දීමනාව වසර 20කට පමණ පසුව මෙම රජය මගින් 2018 අයවැය යෝජනාවක් අනුව රුපියල් 5000 දක්වා වැඩි කළ බව ද සංස්ථාවේ සාමාන්‍යාධිකාරී වැඩිදුරටත් පවසා තිබේ.
වැඩි කළ දීමනාවේ සමාරම්භක මුදල් ප්රදානෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ලබන 15 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිත අතර මුදල් ඇමැති මංගල සමරවීර හා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.
ලංකාදීප පුවතක් ඇසුරින්