ශ්‍රී ලංකා ගුවන් විදුලිය හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව විද්‍යා නාලිකාවක් ඇරැඹීම පිළිබඳව සාකච්ඡාවක් විද්‍යා තාක්ෂණ, පර්යේෂණ, නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කඳුරට උරුම පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සමඟ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සිද්දික් ෆාරුක් සහ එහි ක්‍රියාකාරී අධ්යක්ෂ එම්. ජේ. ආර්. ඩේවිඩ් විසින් පවත්වා තිබේ.
රටක විද්‍යාව සහ සංස්කෘතික අවශ්‍යතාව පිළිබඳ එහිදී පැහැදිලි කිරීමක් සිදු කළ ජනමාධ්‍ය විශේෂඥයකු හා ඒ සම්බන්ධ ජාත්‍යන්තර මට්ටමේ විද්වතකු වන අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමයන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය යුතු ආකාරයත් පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කර ඇත.
එසේම නව ව්‍යාපෘතිය පිළිබඳ වාර්තාවක් තමන් වෙත කඩිනම් ලැබීමට සලස්වන මෙන්ද ඔහු උපදෙස් ලබා දී තිබේ.