ස්ත්රී-පුරුෂ භාවය මත පදනම්ව සිනමා ක්ෂේත්රය තුල සිදු කරනු ලබන කෙනෙහිලිකම් වලට එරෙහිව රංගන ශිල්පිනියන් රැසක් කාන්ස් සිනමා උළෙලේ දී විරෝධතාවයක් දියත් කර තිබේ.
රතු පලස මත පැවැත්වුණු මෙම විරෝධතාවයට කේට් බ්ලොන්ශේ, ක්රිස්ටීන් ස්ටුවර්ට් සහ සල්මා හයෙක් යන ප්රකට තරු ද එක් වී සිටියහ.
මෙවර කාන්ස් උළෙලේ ප්රදර්ශනය සඳහා තෝරා ගෙන ඇති චිත්රපට අතරට කාන්තා අධ්යක්ෂණය අඩුවෙන් නියෝජනය වී තිබීම නිසා මෙම ලොව ප්රකට සිනමා උළෙල වෙත විවිධ විවේචන එල්ල වී තිබුණි.
සම්මාන උළලේ කාන්තා විනිසුරුවරියන් සියලු දෙනා සහ රංගන ශිල්පිනියන්, අධ්යක්ෂවරියන් මෙන්ම නිෂ්පාදිකාවන් අසූ දෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් උද්ඝෝෂණයට එක් වී සිටියහ.
කෙසේ වෙතත් සිනමා ක්ෂේත්රය තුල සිදුවන ලිංගික අපයෝජන පිළිබඳව වැඩිපුර කතාබහට ලක් වූ අවස්ථාවක මෙම විරෝධතාවය දියත් කිරීම විශේෂත්වයකි.
71 වැනි වරටත් සංවිධාන කෙරෙන කාන්ස් සිනමා උළෙල මැයි 8 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.