දේශීය සිනමාව පෝෂණය කිරීමට කාලය ශ්‍රමය කැප කර විශ්‍රාමිකව සිටින කලාකරුවන් ඇගයීම පිණිස මාසික දීමනාවක් ප්රදානය කිරීමේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්විණි.
දීමනා ප්රදානය සංකේතවත් කරමින් කලාකරුවන් 20 දෙනෙකු වෙත අදාළ චෙක්පත් පිළිගැන්වීම එහිදී සිදුවිය.
මෙරට සිනමා ක්ෂේත්රයට අමිල මෙහෙවරක් සිදුකළ ප්‍රවීණ සිනමාකරුවෙකු හා ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රථම සාමාන්‍යාධිකාරිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා වූ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන්ගේ ඡායාරූපයක් ජාතික චිත්‍රපට සංස්ථාව තුළ ජනාධිපතිතුමා අතින් නිරාවරණය කරනු ලැබිය.
ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මැතිණිය වන වෛද්‍ය කල්යානි නිහාල්සිංහ ද එම අවස්ථාවට එක්ව සිටියාය.
අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු ද ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න සහ ප්‍රවීණ සිනමා ශිල්පීන් වන රවින්ද්‍ර රන්දෙනිය, මාලනී ෆොන්සේකා ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.