මෙරට ප්‍රවීන ගායක ගායිකා සුසංයෝගයෙන් සංවිධානය කෙරෙන “මකරන්ද” පංච පුද්ගල ගී ප්‍රසංගය ජුනි 9 වැනිදා කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
නිශ්ශංක දිද්දෙණිය, රොඩ්නි වර්ණකුල, ඉන්දිකා උපමාලි, නිලක්ෂි හැලපිට, සමන් ලෙනින් හා ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගයේ දී සරල, ශාස්ත්‍රීය, ජන හා නාට්‍ය, ගීත ශෛලීන්ට අයත් ගීත ඉදිරිපත් කිරීමට නියමිත ය.
පැරණි නූර්ති, නාඩගම්, මානව වංශ, ක්ෂේත්රගත ගීත සහ අතීත හා වර්තමාන රසික පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය වූ ගීත එකතුවක් ලෙස මෙම ප්‍රසංගය හැඳින්විය හැකි බව එහි සංවිධායකයෝ පවසති.
සමන් අතාවුද හෙට්ටි, නිමල් ඒකනායක, බුද්ධදාස ගලප්පත්ති හා අනුර බණ්ඩාර රාජගුරු යන අය විසින් ප්‍රසංගය සංවිධානය කරති.