"ස්වාසම් - එකමුතුවේ එකතුවක්" දෙමළ ගායන හා නර්තන ප්‍රසංගය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රධානත්වයෙන් පසුගියදා බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
මෙම ප්‍රසංගය නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ ආචාර්ය අරුන්දතී ශ්‍රී රංගනාදන් සහ නර්තනය වෙනුවෙන් හිමන්ෂූ ශ්‍රීවාස්තව නර්තන ශිල්පියාට හා දිව්‍යා රවී නර්තන ශිල්පිනියට ද එහිදී ජනාධිපතිතුමා අතින් සමරු තිළිණ ප්රදානය කෙරිණි.
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ අරූ ශ්‍රී කලා රංගායතනයේ ශිල්පීන් එකමුතුවෙන් මෙම ප්‍රසංගය සංවිධානය කර තිබිණි.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සිං සන්දු, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඇතුළු ආරාධිත පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.