ලොව නිර්මානශීලීම සිනමාකරුවන්ගේ චිත්රපටි උළෙල ප්රංශයේ කෑන්ස් සිනමා උළෙලයි. එහිදී යමෙකුට සිය මතය ප්රකාශකල හැකිවී නම් එය ජයග්රහණයකි .
යමෙකුට යම් රටක් විසින් තවත් රටක මිනිසුන් කෘර ලෙස ඝාතනය කරන වග එහිදී දන්වා සිටිය හැකිනම් එය විජයග්රහණයකි. මක් නිසාද කෑන්ස් යනු ලොව විශිෂ්ට බුද්ධිමතුන් , උගතුන් නිර්මාණකරුවන් මෙන්ම ලෝකයේ විවිධ ක්ෂේත්රයන්හි දැවැන්තයන් ද එකතුවන හෝරා කිහිපයකි.
ඔවුහු ලෝකයට යමක් දැනවිය හැකි මිනිසුන්ය. මේ එකී අනගි අවස්ථාව මනා ලෙස භාවිත කළ ලෙබනනයේ කීර්තිමත් නිළියක වු මනල් ඉසා, හොලිවුඩ් නළුවෙකු වන බෙනිසියෝ ද ටෝරෝ කෑන්ස් සිනමා උළෙලේදී ඊශ්රායල් හමුදාව ගාසා තීරයේ පලස්තීනුවන් මරාදැමීමට එරෙහිව පෙලපාලියක් පවත්වන ලදී.
‘‘ අපගේ දරුවන් මිය යමින් සිටින විට අපි මෙහෙ චිත්රපටි ගැන විචාරය කරමින් ඉන්නවා . අපි ඇත්තටම පිස්සො ‘‘ යැයි පලස්තීන සිනමාකරු May Odeh. පැවසීය
උපාලි ජයසිංහ