උදයකාන්ත වර්ණසුරිය ගේ නවතම සිනමා අත්දැකීම “වස්සානේ සඳ” මංගල දර්ශනය එළඹෙන 25 වැනිදා සවස කොළඹ රීගල් සිනමා ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
ඊට සමගාමිව “වස්සානේ සඳ” නවකතාව සහ තිරනාටකය ද මංගල දර්ශනයට ප්රථම එළි දැක්වීමට සුදානම් බව මිරර් ආට් වෙත වාර්තා වෙයි.
ඒ අනුව ප්රවීන සිනමා අධ්යක්ෂ උදයකාන්ත වර්ණසුරිය විසින් ජනගත කරනු ලබන දෙවැනි තිර රචනය මෙය වේ.
“පායා එන්න හිරුසේ” චිත්රපටයේ තිර නාටකයද ඔහු විසින් මින් පෙර පොතක් ලෙසින් එළි දක්වා තිබුණි.
වස්සානේ සඳ සිනමාපටය සඳහා පියුමි හංසමාලි, ඕෂධී හිමෂා, අනුජ් රණසිංහ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී තිබේ.