මෙවර දෙරණ සිනමා සම්මාන උළලේ ජනප්‍රිය නළුවා තේරීමේ SMS තරග වටයෙන් තමන් ඉවත් කරන මෙන් ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක දෙරණ මාධ්‍ය ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.
නවක තරුණ රංගන ශිල්පීන්ට ද අවස්ථාවක් ලබා දීමේ අරමුණු ඇතිව තමන් මෙම ඉල්ලීම සිදු කරන බව දෙරණ මාධ්‍ය ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසා ඇත.
රන්ජන් රාමනායක විසින් අධ්‍යක්ෂණයෙන්, නිෂ්පාදනයෙන් සහ රංගනයෙන් දායක වූ “ඩොක්ටර් නවරියන්” චිත්‍රපටය වෙනුවෙන් දෙරණ සිනමා සම්මාන උළලේ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය සඳහා ඔහුගේ නම යෝජනා වී තිබුණි.
කෙසේ වෙතත් ඉවත් වීමට තීරණය කර ඇත්තේ තමන් පමණක් බවත් “ඩොක්ටර් නවරියන්” සිනමාපටයේ අනෙකුත් සියලුම ශිල්පින් ශිල්පිනියන් මෙම තීරණයට අදාල නොවන බවත් වැඩිදුරටත් ඔහු සඳහන් කර ඇත.
“මායා” චිත්‍රපටය වෙනුවෙන් පසුගිය වසරේ දී ද දෙරණ සම්මාන උළලේ ජනප්‍රිය නළුවා සම්මානය ඔහු දිනා ගත්තේය.