71 වැනි වරට පැවැත්වුණු කෑන්ස් සිනමා සම්මාන උළලේ හොඳම සිනමාපටය වෙනුවෙන් ලබාදෙන පාම් ද’ඕර්(Palme d’or) සම්මානය තමන් සතු කරගැනීමට “ෂොප්ලිෆ්ටර්ස්” (මංබිකි කසොකු) නම් ජපන් චිත්රපටය සමත්ව තිබේ.
“ෂොප්ලිෆ්ටර්ස්” හි අධ්යක්ෂ හීරොකසු කොරි එදා, සම්මානිත රංගන ශිල්පිනි කේට් බ්ලොන්ශේ අතින් පාම් ද’ඕර් සම්මානය හිමි කරගත්තේය.
ලෝක ප්රකට මෙම සම්මාන රාත්රිය 19 සෙනසුරාදා ප්රංශයේ කෑන්ස් නුවර දී පැවැත්වුණි.
උළලේ ග්රෑන්ඩ් ප්රි සම්මානය හිමි වුයේ ඇමරිකානු ජාතික ස්පයික් ලී ගේ බ්ලැක්ක්ලැන්ස්මෑන් නම් සිනමාපටයට යි.
හොඳම අධ්යක්ෂණය වෙනුවෙන් පෝලන්ත ජාතික පවෙල් පව්ලීකොව්ස්කි ඇගයීමට ලක්වුණි. ඒ ඔහුගේ කෝල්ඩ් වෝ නම් සිනමාපටය උදෙසා ය.
පසුගිය 8 වැනිදා ආරම්භ වුණු සිනමා සම්මාන උත්සවය ඊයේ(19) දින අති උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය.