මෙරට ඉතිහාසයේ පළමු වතාවට 2019 ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රධාන ධාරාවේ ‘විශිෂ්ටතම සිනමාපටය‘ තරඟ අංශය නියෝජනය කිරීමට අනුරුද්ධ ජයසිංහ මහතාගේ අධ්‍යක්ෂණයක් වන ‘ගින්නෙන් උපන් සීතල‘ (The Frozen Fire) සිනමාපටය සැරසේ.
මීට පෙර අවස්ථා දෙකකදී මෙරට නිර්මාණය කෙරුණු සිනමාපට දෙකකට ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කිරීමේ වරම් ලැබුණු අතර ‘හොඳම විදෙස් සිනමාපටය‘ තරඟ අංශය යටතේ එම සිනමාපට තරඟ වැදී ඇත.
කමල් අද්දරආරච්චි, රෝහණ විජේවීරගේ චරිතයට පණ පොවන අතර රෝහණ විජේවීරගේ බිරිඳගේ චරිතය සුලෝචනා වීරසිංහ නිරූපණය කරයි. ‘ගින්නෙන් උපන් සීතල‘ (The Frozen Fire) සිනමාපටයේ සෙසු චරිත නිරූපණයෙන් දිල්හානි අශෝකමාලා, ජගත් මනුවර්ණ, සුජීව ප්‍රියාල්, දීපානි සිල්වා, ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, සංජීව උපේන්ද්‍ර, අමල් රත්න ශාන්ත, සමීර හසුන්, චන්ද්‍රසෝම බිංදුහේවා, බුද්ධික ජයරත්න, ප්‍රසන්නජිත් අබේසූරිය, සුරාජ් මාපා, තුසිත් ලක්නාත්, හංසමාලා ජානකී, ජෙහාන් අප්පුහාමි, සුසාන් නිරෝෂන්, ජානක නිලංග, අංජන ප්‍රේමරත්න, මංජුල මොරගහ, චින්තක වාස්, ක්‍රිශාන්ත ජයබාහු, චින්තක කුලතුංග, ජීවනී කාරියවසම්, ලසන්ත ෆ්‍රැන්සිස්, පාලිත අබේරත්න හා බුද්ධික අබේරත්න දායක වෙයි.
‘ගින්නෙන් උපන් සීතල‘ (The Frozen Fire) සිනමාපටයේ කැමරාව ධනුෂ්ක ගුණතිලකගෙන් වන අතර සහාය අධ්‍යක්ෂණයෙන් සමීර හසුන්, කලා අධ්‍යක්ෂණයෙන් උදේනි සුබෝධිකුමාර, අංග රචනයෙන් නාරද දනන්ජි තොටගමුව, සංගීත අධ්‍යක්ෂණයෙන් නදීක ගුරුගේ, සංස්කරණයෙන් රවීන්ද්‍ර ගුරුගේ, විධායක නිෂ්පාදනයෙන් චන්දන සමරකෝන්, රේඛීය නිෂ්පාදනයෙන් ජූඩ් මුතුගල ද නිශ්චල ඡායාරූපකරණයෙන් ධම්මික පතිරත්න ද එක්වන මෙය සිනෙප්‍රෝ සමාගමේ නිර්මාණ කාර්යයක් වන අතර චමත්කා පීරිස්ගේ නිෂ්පාදනයකි.
සිනමා ක්ෂේත්රයට අදාළ උපදේශන සේවාවන් සපයන ප්‍රමුඛතම ඉන්දීය සමාගමක් වන All Lights Film Services (ALFS) සමාගම ‘ගින්නෙන් උපන් සීතල‘ (The Frozen Fire) සිනමාපටය ඔස්කාර් සිනමා උළෙලේදී ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කටයුතු කරයි. මීට පෙර ALFS සහය හිමිවූ ඉන්දීය සිනමාපට14 කට අධික සංඛ්‍යාවක් ඔස්කාර් උළෙලට පිවිසීමට වරම් ලබා ඇත. Ballad of Rustom, Kamasutra 3D, Pulimurugan, DAM 999 හා Color of Sky ඒ අතරින් කීපයකි.
වින්ද්‍යා ගම්ලත්