මාස්ටර් ඔෆ් ලයිට් විරුදාවලිය ලත් ප්රකට සිනමාකරු රොබී මියුලර් සිය ජිවිතයෙන් සමුගෙන තිබේ.
මියයන විට ඔහු 78 හැවිරිදි වියේ පසු වු බව නෙදර්ලන්ත ජාතික පුවත්පතක් වන “ද වොක්ස්රෝන්” වාර්තා කර ඇත.
අසනීප තත්වයේ පසුවු රොබී මියුලර් අභාවප්රාප්ත වි ඇත්තේ ඇමස්ටර්ඩෑම් නුවරදී ය.
ස්වභාවික ආලෝක සහ වර්ණ තත්වයන් ඉස්මතු කරමින් තමන්ටම ආවේණික වු අන්දමට කැමරාව හසුරවන්නෙක් ලෙස මේ ලන්දේසි ජාතිකයා නම් දරා සිටියේ ය.
ඩෙඩ් මෑන්, බ්රේකින් ද වේව්ස් සහ සුප්රකට පාම් ද’ඕර් සම්මානයෙන් පිදුම් ලැබූ පැරිස් ටෙක්සාස් යන සිනමාපටවල අධ්යක්ෂවරු වන ජිම් ජාමුෂ්, ලාර්ස් වොන් ත්රියේ සහ විම් වෙන්ඩර්ස් සමඟ එක්ව ඔහු වැඩ කටයුතු කළේය.