ලංකා බණ්ඩාරනායක විසින් අධ්යක්ෂණය කළ "සම්ප්රදාය" කෙටි චිත්රපටය ස්විස්ටර්ලන්තයේ ලොකාර්නෝ සිනමා උළලේ ඕපන් ඩෝර්ස් අංශයේ නිර්මාණ අතර
ප්රදර්ශනය කිරීමට තේරී පත්වී තිබේ.
උළෙල අගෝස්තු 1 වැනිදා සිට 11 වැනිදා දක්වා ලොකාර්නෝ හි දී පැවැත්වීමට නියමිත යි.
මෙම කෙටි චිත්රපටය අන්තර්ජාතික සිනමා උළෙලක පෙන්වන අවසන් අවස්ථාව මෙය විය හැකි බව ලංකා බණ්ඩාරනායක පවසා ඇත.
ඒ වෙනුවෙන් ඇය මෙවැනි සටහනක් සිය මුහුණු පොතේ තබා තිබුණි.
“2016 චිත්රපටිය හදලා මම කල්පනා කළේ ඊලගට මේ වීඩියෝ කෑල්ල ගෙදර තියාගෙන මම මොනවා කරන්නද කියලා. මොකද ලංකාවේ දීර්ඝ චිත්රපට පෙන්වා ගැනීම පවා අර්බුදයක තියෙද්දි කෙටි චිත්රපටියක් ගැන කුමන කතාද කියන එක මම දැනගෙන හිටියා. නමුත් මේ වෙනකොට සම්ප්රදාය ලංකවේ 10 වතාවක් විතර විවිධ අවස්ථා වල ප්රදර්ශනය කරගන්න පුලුවන් වුනා. අන්තර්ජාතික සිනමා උළෙලවල් 40ක් විතර මේ වෙනකොට නියෝජනය කළා. "චිත්රපටියක් කරපං" කියලා දිගින් දිගටම කියපු සුමුදු ගුරුගේ ගේ ඉඳලා 2016 මුලින්ම මේ පිටපත කියවලා අපි වැඩේ කරමු කියලා ඒකතු වෙච්ච රුවන් මලිත් පීරිස් ගේ ඉදලා නිර්මාණය වෙනුවෙන් කැපෙවලා වැඩකරපු හැම දෙනාම මම ගෞරවයෙන් මතක් කරනවා. ඔබලා හැමෙදනාටම ස්තූතියි...!!!”
එසේම ජූඩ් රත්නම් ගේ "ඩිමන්ස් ඉන් පැරඩයිස්" සහ අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, ප්රසන්න විතානගේ අධ්යක්ෂණයක් වන “තුන්දෙනෙක්” ලොකාර්නෝ සිනමා උළලේදී ප්රදර්ශනය කෙරෙනු ඇත.