ආජන්ටිනා රොක් තරුවක් වන
ක්‍රිස්ටියන් පිටි අල්වාරේස්, බුවනොස් අයරෙස් නුවර මහල් නිවාසයක් පිටතදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කර ඇති බවට චෝදනා ලබා තිබේ.
පුද්ගලයෙක් සමඟ කෝලාහලයක් ඇති කරගත් ඔහු එම පුද්ගලයාට සිව් වතාවක් වෙඩි තබා ඇතැයි විනිසුරු වාර්තාවේ සඳහන්ව ඇත.
මියගිය ක්‍රිස්ටියන් ඩයස් නම් තැනැත්තා පිටි අල්වාරේස් ගේ හිතවතෙක් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
වියේජා ලෝකා සහ ඉන්ටොක්සිකාඩෝ නම් සංගීත කණ්ඩායම් හි ප්‍රධාන ගායකයා ලෙස කටයුතු කරන ඔහු පවසා ඇත්තේ තමන්ගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් වෙඩි තැබීම සිදු කළ බවයි.
ඝාතනයෙන් පැය කිහිපයකට පසු පිටි අල්වාරේස් පොලිසිය වෙත බාර වි තිබුණි.
ඔහු ආජන්ටිනාවේ ප්‍රකට ගායකයෙක් ලෙස සැලකේ.