දේශීය සිනමාවේ මහා කලා මංගල්‍ය ලෙසින් සැලකෙන සරසවි සිනමා උළෙල 2018 ට ඇත්තේ තව දින කිහිපයක් පමණි.
ඒ වෙනුවෙන් සංවිධාන කෙරෙන සරසවි සිනමා සතිය ජූලි 24 වැනිදා සිට 28 වැනිදා දක්වා පස්වරු 7 ට කොළඹ රීගල් සිනමාශාලාවේදී පැවැත්වෙනු ඇත.
නොමිලේ පැවැත්වෙන මෙම සිනමා සතියේ දී ප්‍රදර්ශනය කෙරෙන නිර්මාණ මෙසේ වේ,
24 අඟහරුවාදා පත්තිනි
25 බදාදා මායා
26 බ්‍රහස්පතින්දා ආලෝකෝ උදපාදී
28 සෙනසුරාදා ධර්ම යුද්ධය
සරසවි සිනමා උළෙල 34 වැනි වතාවට සංවිධාන කෙරෙන අතර එය එළඹෙන අගෝස්තු 3 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.




