ප්‍රකට බොලිවුඩ් රංගන ශිල්පී යුවලක් වන අනිල් කපුර් සහ අයිශ්වර්යා රායි එක්ව රංගන දායකත්වය සපයන සිනමාපටයක් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන්නේ වසර 19 කට ආසන්න කාලයකට පසුය.
පෙම්වතුන් ලෙස නොවුණත් ඔවුන් එක්ව සිය රංගන දායකත්වය සපයා ඇති නවතම චිත්‍රපටය වන්නේ ෆැනී ඛාන්.
මෙය 2000 වසරේදී තිරගත වූ වන එව්රිබොඩිස් ෆේමස් නම් බෙල්ජියානු සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙස සැලකිය හැකියි.
රාජ් කුමාර් රාවෝ, දිව්‍යා දත්තා ඇතුළු පිරිසක් මෙහි රංගන දායකත්වය සපයා ඇත.
අධ්‍යක්ෂණය අතුල් මන්ජ්රේකර් විසිනි.
සිනමාපටය අගෝස්තු 3 වැනිදා තිරගත කිරීමට නියමිත ය.