තමන් වෙත එල්ල වී ඇති නොයෙකුත් ලිංගික අපයෝජන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මිනිත්තු 19 ක් දිගු ගීතයක්
ඇමරිකානු ගායක ආර්. කෙලී විසින් එළි දක්වා තිබේ.
ගීතය නම් කොට ඇත්තේ “I Admit” නමිනි.
විශ්වාසය කඩ කිරීම පිළිගන්නා නමුත් අනෙකුත් ලිංගික අපයෝජන චෝදනා ඔහු ගීතය මඟින් ප්‍රතික්ෂේප කර ඇත.
නීති විරෝධී ලිංගික හැසිරීම් ගැන එල්ල වන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන නමුත් ආදර සම්බන්ධයේ දී ද්‍රෝහී වීම ගැන ඔහු පිළිගෙන තිබේ.
එසේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම් ගැන ද ගීතයෙන් ඔහු ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත් සුප්‍රකට ගායකයා තමන් වෙත එල්ල වී ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.