ඖෂධ මාත්‍රාව අධිකව ගැනීම යන සැකය මත සුප්‍රකට පොප් ගායිකා ඩෙමි ලොවාටෝ ලොස්ඇන්ජලීස් හි රෝහලකට ඇතුලත් කර ඇතැයි එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර තිබේ.
24 වැනි අඟහරුවාදා ඇය ජිවත් වන හොලිවුඩ් හිල්ස් වලින් ලද හදිසි ප්‍රතිකාර ඇමතුමක් අනුව ලොස්ඇන්ජලීස් පොලිසිය ප්‍රතිචාර දැක්වූ බව වාර්තා වේ.
25 හැවිරිදි ගායිකාව එම අවස්ථාවේදී සිහි මද තත්වයෙන් පසු වූ බව TMZ වෙබ් අඩවිය වාර්තා කර ඇත.
කෙසේ වෙතත් ඩෙමි ලොවාටෝ ගේ තත්වය මේ වනවිට යහපත් අතට හැරී ඇතැයි එරට මාධ්‍ය ප්‍රකාශ කරයි.
ඒ අනුව ඇය සෙඩාර්ස්-සිනායි වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින්නී ය.
“ඩෙමි මේ වනවිට ඇගේ පවුලේ පිරිස සමඟ ඉන්නේ. ඒ වගේම තමන් වෙනුවෙන් කළ උපකාර,යාඥා කිරීම්, සහ පළ කළ ආදරයට ඇය බෙහෙවින් ස්තුති වනවා,” යනුවෙන් ඇයගේ ප්‍රකාශකයෙක් BBC පුවත් සේවයට පවසා ඇත.
“පළ වූ සමහර වාර්තා නිවැරදි නැහැ. ඒ වගේම තමන්ගේ පෞද්ගලිකත්වයට ඉඩ දෙන මෙන් ඔවුන් ඉතාම කාරුණිකව අයැද සිටිනවා”