සංජිව පුෂ්පකුමාරගේ නවතම සිනමා වියමන “දැවෙන විහඟුන්” පසුගිය කාලය පුරාම දැඩි මතබේදයට තුඩුදුන් චිත්‍රපටයක්.
ජාත්‍යන්තර සිනමා උළෙලවලදී පවා ඇගයීමට පාත්‍ර වුණු මෙම චිත්‍රපටය මෙරට තුළ පෙන්වීමේදී සංස්කරණයට ලක් කර පෙන්වීම ඔවුන් වෙත එල්ල වුණු ප්‍රධාන චෝදනාවක්.
එල්ල වන විවිධ විවේචන හමුවේ පසුගිය 29 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ කළ “දැවෙන විහඟුන්” හි සංස්කරණය නොකළ පිටපත කොළඹ අවට සිනමාශාලා තුනක පමණක් ප්‍රදර්ශනය කිරීමට නියමිත බව මිරර් ආට් වෙත වාර්තා වේ.
හෙටින්(26) ආරම්භ වන සති දෙකක කාලයක් “අතිශයින්ම වැඩිහිටියන්ට පමණක්” ලේබලය යටතේ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන බවයි ඒ අනුව වාර්තා වන්නේ.
කෙසේ වෙතත් දැවෙන විහඟුන් සිනමාපටයේ ප්‍රධාන චරිතයක් නිරුපනය කරන ප්‍රවීන රංගන ශිල්පිනි අනෝමා ජනාදරී මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සිය දැඩි විරෝධය එල්ල කර තිබුණි.
ඇය චෝදනා කර සිටින්නේ කාමෝද්දීපන දර්ශන සහිත පෝස්ටරයක් සංස්කරණය නොකළ පිටපත ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිත කර තිබුන ද එවැනි දර්ශන සහිත තිරකතාවක් මෙම සිනමාපටයේ අන්තර්ගතයේ නොවන බවයි.
එසේම එමඟින් රංගන ශිල්පින් ශිල්පිනියන්ගේ රුව අවභාවිතයට ගෙන ඇති බවයි ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ අදහස් පළ කරමින් ඇය පවසන්නේ.