ළමයින් උදෙසා නිර්මාණය කළ සිනමාපට දෙකක් අද සිට රිදී තිරයට එක් වීමට නියමිත ය.
“ගෝල්” සහ “ඇලඩින් සහ පුදුම පහන” මෙම චිත්‍රපට දෙක යි.
දුෂ්කර පළාතක පිහිටි පාසලක ළමුන් කණ්ඩායමක් එක්කාසු කරගනිමින් පාපන්දු කණ්ඩායමක් නිර්මාණය කරන ගුරුවරයෙක්, තමන්ට එල්ල වන අභියෝග ජයගැනීමට දරුවන් මෙහෙයවන ආකාරය වටා ගෙතුණු “ගෝල්” සිනමාපටය රොහාන් පෙරේරා ගේ අධ්‍යක්ෂණයකි.
ජයලත් මනෝරත්න, චාන්දනී සෙනවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, නයනා හෙට්ටිආරච්චි, ජයනි සේනානායක, අනුලා බුලත්සිංහල, ලක්ෂ්මන් මෙන්ඩිස්, සේවියර් කනිෂ්ක, ඩේවිඩ් කරුණාරත්න, රිෂාන් නයිසර්, තේශාන් තුෂ්මික, ධනංජය නවින්, මොහොමඩ් ශ්‍යාම්, පවන් බිම්සර, සුභාෂිනි ජයරත්න, කවිඳු කල්හාර, ටී.ශ්‍යාම් මෙහි සෙසු චරිත සඳහා දායකත්වය සපයා තිබේ.
අරාබි නිසොල්ලාසයේ එන ප්‍රකට කතා පුවතක් ලෙසින් සැලකෙන ඇලඩින් සහ පුදුම පහන ඇසුරු කරගනිමින් නිමවුණු අනෙක් සිනමාපටය “ඇලඩින් සහ පුදුම පහන” සුමිත් කුමාර අධ්‍යක්ෂණයකි.
ධනංජය සිරිවර්ධන, උදාරි වර්ණකුලසුරිය, අශිකා මතසිංහ, ඩි.බී. ගංගොඩතැන්න, දිල්හාරා රාජපක්ෂ, නිමල් පල්ලෙවත්ත, සේනක ටයිටස්, නෙතු ප්‍රියංගිකා, ප්‍රියන්ත මන්සිලු, රෝහිත ඩයස්, රෝයි මැක්ලවුඩ්, දයාසිරි හෙට්ටිආරච්චි, බින්දු බෝතලේගම මෙහි සෙසු චරිත සඳහා දායකත්වය සපයා තිබේ.