ශ්‍රී ලංකාවේ ශාන්තිකර්මවල ඓතිහාසික සලකුණක් වන 18 සන්නියෙහි වෙස් මුහුණු සහ අවස්ථා නිරූපිත මුද්දර
18ක් සහ සිහිවටන පත්‍රිකා 03ක් නිකුත් කිරීමට මුද්දර කාර්යාංශය කටයුතු යොදා තිබේ.
රුපියල් 15ක වටිනාකමින් යුතු මෙම මුද්දර පෙළ මුද්දර නිර්මාණ ශිල්පී කුමුදු තාරක විසින් නිර්මාණය කොට ඇත.
මුද්දර පෙළ නිකුත් කිරීම එළඹෙන අගෝස්තු 08 වැනිදා තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් ප්‍රධානත්වයෙන් තැපැල් මූලස්ථානයේ දී සිදු කෙරේ.