සිනමා, ටෙලි නාට්‍ය රචක සහ සිනමා කතා රචක නඩරාජා මනිවානන් ගේ නිර්මාණයක් ඔහුගේ අනුදැනුමකින් තොරව චිත්‍රපටයක් තැනීම සඳහා භාවිත කිරීම යන මූලික කරුණු යටතේ ප්‍රවීන සිනමා අධ්යක්ෂ සෝමරත්න දිසානායක සහ නිෂ්පාදිකා රේණුකා බාලසුරිය
වෙත නඩු පැවරීමට කටයුතු කරන බව දන්වා ඇතැයි මිරර් ආට්ස් වෙත වාර්තා වේ.
ඒ අනුව අදාළ නඩු පැවරීමේ නිවේදනය නීතිඥයකු මාර්ගයෙන් අධ්යක්ෂ සෝමරත්න දිසානායක සහ නිෂ්පාදිකා රේණුකා බාලසුරිය වෙත යොමු කර ඇතැයි සිනමා රචක නඩරාජා මනිවානන් පවසා තිබේ.
සුනාමි ව්‍යසනයෙන් අතුරුදහන් වූ දරුවකු පසු කාලයකදී ජාතින් හා අනන්‍යතාවයන් මාරු වීමත්, පසුව සුවිශේෂී ලක්ෂණ මත හඳුනාගැනීමක් මත ගොඩ නඟා ඇති සංවේදනාත්මක කතා පුවතක් මෙම නිර්මාණය සඳහා පාදක වී ඇතැයි එම නිවේදනයෙහි සඳහන් වේ.
සිනමා අධ්යක්ෂ සෝමරත්න දිසානායක සහ නිෂ්පාදිකා රේණුකා බාලසුරිය වෙත යොමු කළ බව පැවසෙන දැනුම් දීම පහතින්,
https://mirrorarts.lk/news/3692-maniwanan-ngtr#sigProId1230ff52d2
මෙම පුවතින් යම් පාර්ශවයකට හානිදායක යමක් අපගේ වෙබ් අඩවිය වන මිරර් ආර්ට්ස් හි පළවී ඇත්නම් ඊට අදාළ අදහස් පළකිරීමට ඔබට ඇති අයිතිය අපි අවිවාදයෙන් පිළිගන්නෙමු. ඒ පිළිබඳව ඔබ අප වෙතට යොමු කරන අදහස් පළකිරීම අපගේ වගකීමක් සේ සළකමු.
සංස්කාරක මිරර්ආර්ට්ස්