ජාතික රූපවාහිනියේ කෙටි පුවත් සේවාව RūAlarts ලෙස ඊයේ (03) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොළොන්නරුවේදී ජනගත කිරීම සිදුකරනු ලැබීණි.
එහි පළමු කෙටි පණිවුඩය වූයේ "පොළොන්නරුව පුබුදන්න ජනපති වෙන් කළ කෝටි හයදහසෙන් නිමවූ සංවර්ධන ව්‍යාපෘති 180 ක් ජනගත වෙයි.” යන්නයි.
මේ පණිවුඩ සේවාව ජාතික පුවත් සේවාවක් ලෙස පවත්වාගෙන යාමට සියලු කටයුතු ජාතික රූපවාහිනිය විසින් සිදුකර තිබේ.
RūAlarts මුදා හැරීමේ අවස්ථාවට ජාතික රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්යක්ෂ නවාස් මහතා හා එහි අධ්යක්ෂ සාරංග විජේරත්න මහතා එක්ව සිටියහ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සාරංග විජේරත්න මහතා කියා සිටියේ ජාතික රූපවාහිනිය නව ඩිජිටල් මාවතකට හැරවීමේ පළමු පියවර ලෙස මෙම RūAlarts සේවාව මුදා හිරි බවයි.
ඉදිරියේදී මේ සඳහා තවත් අංග රාශියක් එක්වීමට නියමිත බවත් ඉදිරි සති කිහිපයේදී රූපවාහිනී ප්‍රේක්ෂකයාට එය අත්විඳීමට හැකි වනු ඇතැයි ද ඔහු කියා සිටියේය.
රූපවාහිනී ක්ෂේත්රයේ පෙර ගමන්කරුවා ලෙස ඩිජිටල් ලෝකයේ නව මංපෙත් ජාතික රූපවාහිනියට තවත් නොබෝ දිනකින් විවර වන බවද ඔහු කියා සිටියේය.
SMS සේවාවන් ප්‍රතික්ෂේප වෙමින් යද්දී රූපවාහිනිය එවැනි සේවාවක් ආරම්භ කිරීම කාලෝචිත දැයි අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ SMS වලට RūAlarts නැව මුහුණුවරක් එක් කරණ බවත් තවත් දින කිහිපයකින් එහි ප්‍රචාරණ කටයුතු ආරම්භ වන තෙක් එය රහසක්ව තබා ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා මිරර්