චීනයේ බෙයිජිං හි පිහිටි සිය කලාගාරය බලධාරීන් විසින් කඩා බිඳ දැමූ බවට ප්‍රකට කලාශිල්පී අයි වෙයිවෙයි පවසයි.
එම ගොඩනැගිල්ල කඩා දමන අයුරු ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ පළවූ වීඩියෝපට කිහිපයකම දැක්වේ.
රාජ්‍ය විරෝධී මතධාරි අයි වෙයිවෙයි ප්‍රකාශ කර සිටින්නේ මෙම තීරණය සම්බන්ධයෙන් කිසිදු පූර්ව නිවේදනයක් සිදු නොකළ බවයි.
ෂැන්හයි නුවර පිහිටි ඔහුගේ තවත් එක් කලාගාරයක් 2011 වසරේ දී කඩා දමා තිබුණු අතර එම අවස්ථාවේදී ද පෙර දැනුම් දීමක් නොකළ බව කලා ශිල්පී අයි වෙයිවෙයි පවසා තිබුණි.
මින් වසර තුනකට පෙර දී චීනයෙන් පිටවූ 66 හැවිරිදි ඔහු මේ වනවිට ජිවත් වන්නේ ජර්මනියේ ය.
2008 ඔලිම්පික් උළෙල වෙනුවෙන් නිර්මිත බෙයිජිං හි “බර්ඩ්ස් නෙස්ට්” ක්‍රීඩාංගන සැලසුම් නිර්මාණ ශිල්පී අයි වෙයිවෙයි, එවක පටන් චීන පාලන තන්ත්රය දැඩි ලෙස විවේචනයට ලක් කළේය.