ජර්මානු සංස්කෘතික ආයතනය මඟින් සංවිධාන කෙරෙන මාසික සිනමා දැක්ම අගෝස්තු මස වැඩසටහන සඳහා රංගන ශිල්පී සුජීව ප්රියාල්ගේ පළමු සිනමාපටය වන “සුපර්ණා” ප්‍රදර්ශනය කිරීමට නියමිත යි.
ඒ අනුව මෙරට තුළ තවමත් තිරගත නොකළ මෙම සිනමාපටය එළඹෙන 8 වැනිදා සවස 6 ට ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී සීමිත ප්‍රේක්ෂක පිරිසක් වෙනුවෙන් විවෘත වනු ඇත.
චිත්‍රපට ප්‍රදර්ශනයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කතිකාවතක් ද පැවැත්වෙන අතර එය සිනමා අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා විසින් මෙහෙයවනු ලැබේ.