විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට සමගාමීව පවත්වනු ලබන #Unframed සුවිශේෂි ඡායාරූප ප්‍රදර්ශනය එළඹෙන අගෝස්තු මස 8 සහ 9 යන දෙදින පුරා උදෑසන 9 සිට සවස 6 දක්වා මාතර නුපේ සණස ශාලාවේදී පැවැත්වේ.
ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය සහ ජීවිතය’ ඡායාරූප ප්‍රදර්ශනය ඔස්සේ ගෙන හැරේ.
ඒ අනුව 2009 සිට 2017 දක්වා ශ්‍රී ලංකාව තුළ සිදු වූ හා සිදු කළ අතුරුදන්වීම්, ඉඩම් අත්පත්කර ගැනීම්, අභ්‍යන්තර අවතැන් වූවන්, මාධ්‍ය මර්දනය, ජාතීන්ට එරෙහි හිංසනය ඇතුලු කොට වූ පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් ඡායාරූප ඔස්සේ දැකගැනීමට හැකිවේ.
නොමිලේ විවෘතව පවතින මෙවර ප්‍රදර්ශනය වඩා වෙනස් මුහුණුවරකින් පැවැත්වීමට නියමිත අතර ඒ සම්බන්ධ සියලු තොරතුරු විකල්ප ෆේස් බුක්, ටුවිටර්, ඉන්ටග්රෑම් පිටු හරහා ඔබට ලබා ගත හැකිය.