විනී ද පූ කාටුන් චරිතය අළලා නිර්මාණය කරන ලද නවතම සිනමාපටය “ක්‍රිස්ටෝපර් රොබින්” තම රට තුළ ප්‍රදර්ශනයට වැට බැඳීමට චීන රජය කටයුතු කර තිබේ.
ඩිස්නි නිෂ්පාදන සමාගමේ නව සිනමා නිර්මාණය එළිදැක්වීම නවතා දැමීමට හේතුව මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.
නමුත් ළමා සිත් දිනාගත් මෙම ප්‍රකට කාටුන් චරිතය සම්බන්ධ කරගත් දෑ චීනය තුළ මර්දනය කෙරෙන වැඩපිළිවෙලක කොටසක් ලෙස මෙම පියවර ගන්නට ඇතැයි විශ්වාස කෙරේ.
දේශපාලන මත විරෝධය පළ කිරීම සඳහා සංකේතයක් ලෙස “පූ වලසා” භාවිත කිරීමට පටන් ගත් පසුබිමක එම රූපය සමාජ මාධ්‍ය ජාල තුළ අවහිර කිරීමට ද එරට රජය පසුගිය වසරේ සිට කටයුතු කර තිබුණි.
ඒ චීන නායක ෂි ජින්පින් “පූ වලසාට” සමාන කිරීමට පටන් ගත් පසුව ය.