කලා ක්ෂේත්රයේ උන්නතිය උදෙසා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හරහා වැඩසටහන් රැසක්
දියත් කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල ප්‍රනාන්දු පැවැසුවාය.
ඒ අනුව රාජ්‍ය සම්මාන උළෙල 15ක්, දිවයින පුරා ක්‍රියාත්මක වැඩසටහන් 866ක්, ප්‍රාදේශීය සාහිත්‍ය උත්සව 331ක්, දිස්ත්‍රික් සාහිත්‍ය උත්සව 25ක්, දොළොස් මහේ පහන වැඩසටහන් 3972ක් මේ වන විට ක්‍රියාත්මක කර ඇතැයි ඇය පැවැසුවාය.
එම වැඩසටහන් ඔස්සේ කලා ක්ෂේත්රය නව මාවතක් කරා ගමන් කරවීම සිය දෙපාර්තමේන්තුවේ අභිලාශය බවත් අධ්‍යක්ෂවරිය එහිදී ප්‍රකාශ කළාය.
එසේම කලාකරු සුබසාධනය උදෙසා කලාකරු දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමය, අගහිඟ කලාකරු ආධාර ලබාදීම, කලා සංගම් ලියාපදිංචි කිරීම, අවමංගල්‍යාධාර ලබාදීම, ජාතික අත්පිටපත් තරගය, ලේඛකාධාර ව්‍යාපෘතිය යටතේ කර්තෘ ප්‍රකාශ මිලදී ගැනීමේ සේවාව, කලාකරු හැඳුනුම්පත් ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කොට ඇති බවද ඇය සඳහන් කළාය.
එසේම කලා ක්ෂේත්රය නව මාවතක් කරා රැගෙන යන ගමනේදී මුහුණ දීමට සිදුවන අභියෝග රැසක් පවතින බවත් එහිදී ජනමාධ්‍ය හැසිරවීමේදී සිදුවන අඩුපාඩු හේතුවෙන් අගය කළ යුතු ඇතැම් දේ යටපත් වී වැරැදි අවබෝධයක් සමාජගත වන බවද ඇය කීවාය.
ඇය මේ අදහස් පළ කළේ ඊයේ (7දා) සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ පැවැති සංස්කෘතිය හා කලාවේ ව්‍යාප්තිය ප්‍රවර්ධනය සහ සංරක්ෂණය උදෙසා මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
හර්ෂනී අර්සකුලරත්න