දේවින්ද ඩී. කෝන්ගහගේ විසින් අධ්‍යක්ෂණය කළ භවතරණ සිනමාපටයට චිනයේ දී සම්මානයක් හිමි වී තිබේ.
ඒ Asia Tourism Induced Film and Television Awards Festival 2018 නම් වූ චිත්‍රපට හා රූපවාහිනී සම්මාන උළලේ ජාත්‍යන්තර කාණ්ඩය යටතේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස ය.
ජූලි 29 සිට අගෝස්තු 1 දක්වා චීනයේ ටයිසූ හි දී සම්මාන උළෙල පැවැත්වුණි.
චීනය සහ තවත් රටවල් 25 ක සිනමා නිර්මාණ 1200කට අධික ප්‍රමාණයක් තරගයට ඇතුලත් කර තිබුණි.
අධ්යක්ෂ දේවින්ද ඩී. කෝන්ගහගේ වෙනුවට සම්මානය භාර ගෙන ඇත්තේ බිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි ශානි කල්‍යාණරත්න විසිනි.
ශ්‍රී ලංකා මිරර් පුවතක් ඇසුරිනි