“ජීවිතය ඔබේය” දීප ව්‍යාප්ත විවෘත පෝස්ටර් චිත්‍ර සහ නිර්මාණාත්මක කෙටි කතා, පද්‍ය රචනා තරගය සඳහා නිර්මාණ භාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
සැප්තැම්බර් 10 වැනිදාට දී ඇති “ලෝක සියදිවි හානි වළක්වා ගැනීමේ දිනයට” සමගාමිව ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් සංවිධාන කරන මෙම තරගාවලිය සඳහා “ජීවිතය ඔබේය-Choose life” යන තේමාව යටතේ අගෝස්තු 15 වැනිදාට ප්‍රථම නිර්මාණ යොමු කළ යුතුය.
චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින් සඳහා රුපියල් 50,000, රුපියල් 30,000 සහ රුපියල් 20,000 බැගින් වූ මුදල් ත්‍යාග,පදක්කම්,සහතික පත්‍ර සහ ශ්‍රී ලංකා පදනම් පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව පිරිනැමෙන අතර එහි තරග කොන්දේසි පහත පරිදි වේ.
ඔබගේ චිත්‍ර ඕනෑම වර්ණ මාධ්‍යයකින්, අඟල් 15*20 ප්‍රමාණයේ ඝන කඩදාසියේ නිර්මාණය කළ යුතුය.
සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන ඕනෑම භාෂා මාධ්‍යයකින් කෙටිකතා සහ පද්‍ය රචනා නිර්මාණය කළ හැකි අතර කෙටි කතා වචන 1000ත් 1250ත් අතර විය යුතු බව සංවිධායකයෝ පවසති.
ඔබගේ නිර්මාණ ස්ව නිර්මාණයක් බව සහතික කොට ඔබගේ ජීව දත්ත සටහනක් සමඟ හෝ www.slf.lk වෙබ් අඩවියෙන් ලබාගත් අයදුම්පත සම්පුර්ණ කර ශ්‍රී ලංකා පදනම් ආයතනය, නො:100, ශ්‍රී ලංකා පදනම් මාවත, නිදහස් චතුරශ්‍රය, කොළඹ 7 යන ලිපිනයට යොමු කරන්න.