ජනතා ප්රසාදය දිනාගත් සිනමාපට අතුරින් කැපී පෙනෙන ස්ථානයක් අත්කරගත් එක් චිත්රපටයකට ඔස්කාර් සිනමා සම්මාන උළලේදී සම්මානයක් ලබා දීමට තීරණය කර තිබේ.
ඉහල ජනප්රියත්වයක් අත්කරගත් නමුත් අවම විවේචනයට තුඩුදුන් චිත්රපටයක් මෙම සම්මානයෙන් පිදුම් ලැබීමේ වැඩි ඉඩක් හිමිවේ.
ඇකඩමි සම්මාන උළලේ පාලක මණ්ඩලය විසින් 7 අඟහරුවාදා මෙම නව සම්මාන කාණ්ඩය අනුමත කර තිබුණි.
ඒ අනුව බ්ලැක් පැන්තර් වැනි සුපිරි වීර සිනමාපටයක් එළඹෙන ඔස්කාර් රාත්රියේදී ජනප්රිය සම්මානයෙන් පිදුම් ලැබීමේ වැඩි සම්භාවිතාවයක් ඇත.
කෙසේ වෙතත් ලබන පෙබරවාරියේ දී පැවැත්වීමට නියමිත ඇකඩමි උළලේ පටන් මෙම වෙනස්කම සිදු කරනු ඇතැයි තවම පැහැදිලි නැත.