ජයන්ත චන්ද්‍රසිරි නවතම සිනමා නිර්මාණය වන “ඝරසරප” අද(10) දින සිට EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාශාලා රැසක ප්‍රදර්ශනය කිරීමට සුදානම්.
එහි මංගල දර්ශනය අද සවස 6 ට වැල්ලවත්ත සැවෝයි සිනමාශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පැවැත්වෙන 12 වැනි ඒෂියාපැසිෆික් ස්ක්‍රීන් අවෝඩ්ස් අන්තර්ජාතික චිත්‍රපට උළලේ තරගකාරී අංශය නියෝජනය කිරීම සඳහා ද තේරී පත්වී ඇති මෙම චිත්‍රපටය සඳහා ජැක්සන් ඇන්තනි, කමල් අද්දරආරච්චි, සංගීතා වීරරත්න, කාවින්ද්‍යා අධිකාරී, දෙව්නක පෝරගේ, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, අමිෂා කාවින්දි ඇතුළු පිරිසක් දායක වී තිබේ.
ඝරසරප නිෂ්පාදනය අර්ජුන කමලනාත් විසිනි.