ඩිස්නි නිෂ්පාදන සමාගම සිය වඩාත් බලාපොරොත්තු සහගත මීළඟ සිනමාපටය ලෙස හඳුන්වා දී ඇත්තේ මියුලන් චිත්රපටයයි.
මෙය 1998 දී තිරගත කළ ළමුන් අතරේ වඩාත් ජනප්රිය මියුලන් කාටුන් සිනමාපටය පාදක කරගනිමින් නිර්මාණය කෙරෙන්නක්.
මේ වනවිට නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති චිත්රපටයේ පළමු ඡායාරුපය පසුගියදා නිකුත් කිරීමට ඩිස්නි සමාගම කටයුතු යොදා තිබුණා.
එහි ප්රධාන චරිතයට පණ පොවනු ලබන්නේ ලියූ යිෆෙයි විසින්.
රූගත කිරීම් චීනයේ සහ නවසීලන්තයේ සිදු කිරීමට නියමිත ය.
මියුලන් මංගල දර්ශනය තව වසර දෙකකින් එනම් 2020 මාර්තු මස ඇමරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වෙනු ඇත.