කන්ද උඩරට රාජධානි සමයේ අවසන් භාගයේ සිදුවීම් පාදක කරගනිමින් නිපදවෙන ප්රසන්න විතානගේගේ නවතම සිනමාපටය “ගාඩි” එළඹෙන ඔක්තෝබර් මස සිට රූපගත කිරීම ආරම්භ කිරීමට නියමිත ය.
සම්මානිත සිනමා අධ්යක්ෂවරයා තම සිතෙහි වසර ගණනාවක පටන් සටහන්ව තිබුණු සිහින චිත්රපටය ලෙස මෙම සිනමාපටය හඳුන්වා දී තිබේ. මෙය ඔහුගේ දසවැනි සිනමා නිර්මාණය වේ.
සජිත අනුත්තර ඇන්තනි, ඩිනාරා පුංචිහේවා “ගාඩි” හි ප්රධාන චරිත හොබවන අතර රංගන ශිල්පින් ශිල්පිනියන් විශාල පිරිසක් සිනමාපටයට රංගන දායකත්වය ලබාදීමට නියමිත බව වාර්තා වේ.
ශ්රී ලංකා, ඉන්දියා සහ යුරෝපිය සම නිෂ්පාදනයක් ලෙස නිමවෙන මෙම සිනමාපටය 2019 වසරේ මැදදී ජනගත කෙරෙනු ඇත.