ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්ත හිටපු මහ ඇමතිනිය ජයලලිතා ජයරාම්ගේ
ජිවිත කතාව අළලා නිර්මාණය කෙරෙන සිනමාපටය එළඹෙන වසර මුලදී එළිදැක්වීමට නියමිත ය.
ට්විටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය සිනමා විචාරක ටරන් ආදර්ශ් මේ බව ප්රකාශ කර තිබේ.
ඔහු ප්රකාශ කරන පරිදි නැසීගිය රංගන ශිල්පිනියගේ ජන්ම දිනයේ එනම් පෙබරවාරි 24 වැනිදා සිට මෙම චිත්රපටය ප්රදර්ශනය ආරම්භ කෙරෙනු ඇත.
හින්දි, දමිළ සහ තෙලිඟු භාෂාවෙන් නිෂ්පාදනය කෙරෙන නිර්මාණයට බොලිවුඩයේ මෙන්ම දකුණු ඉන්දීය රංගන ශිල්පින් ශිල්පිනියන් රංගන දායකත්වය ලබාදීමට නියමිතය.
දමිළ සිනමාකරු විජය විසින් මෙම චිත්රපටය අධ්යක්ෂණය කරනු ලැබේ.
තමිල්නාඩු මහ ඇමතිනිය වීමට පෙර රංගන ශිල්පිනියක ලෙසින් ජනතාව අතරට ගිය ජයලලිතා ජයරාම් සිනමාපට 140කට අධික ප්රමාණයක චරිත නිරුපනය කර තිබේ.
“අම්මා” නමින් හැඳින්වූ, තමිල්නාඩු ජනයා දේවත්වයෙහි ලා සැලකු ඇය සිය දිවියෙන් සමුගත්තේ පසුගිය දෙසැම්බයේදී ය.