“ක්වින් ඔෆ් සෝල්” යන නාමයෙන් පිදුම් ලැබූ ඇමරිකානු ගායන ශිල්පිනි අරෙතා ෆ්රෑන්ක්ලින් අභාවප්රාප්ත වී තිබේ.
දැඩි ලෙස රෝගාතුරව සිටි 76 හැවිරිදි ඇය ඩිට්රොයිට් හි පිහිටි සිය නිවසේදී දිවියෙන් සමුගෙන ඇත.
ගීතයෙන් ලොවක් නැළවූ ඇයට ලොව නං දෙසින් අවසන් බුහුමන් පිරිනැමේ.
“වසර 50 කට වඩා වැඩි කාලයක් පුරාවට ඇය අපේ ආත්මයන් ප්රබෝධමත් කළා,” යනුවෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් හිටපු ඇමරිකානු ජනපති බිල් ක්ලින්ටන් සහ එම ආර්යාව හිලරි ක්ලින්ටන් ප්රකාශ කර ඇත.
හිටපු එක්සත් ජනපද ජනපති බැරක් ඔබාමා ද ඇය වෙනුවෙන් සිය ශෝකය ප්රකාශ කර තිබේ.
ග්රෑමී සම්මාන 18 කට හිමිකම් කියන අරෙතා ෆ්රෑන්ක්ලින්ගේ වෘත්තීය දිවියට දශක හතකි.