මෙවසරේ තිරගත කළ බොලිවුඩ් චිත්‍රපට අතුරින් ප්‍රදර්ශනය කළ පළමු දවසේ වැඩිම ආදායම් වාර්තාවක් තැබූ සිනමාපටය ලෙස තවමත් සිය ස්ථානය එලෙසම සුරැකිව රඳවා ගැනීමට රාජ් කුමාර් හිරනිගේ “සංජු” සමත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
රංගන ශිල්පී සන්ජේ දත්ගේ ජිවිත කතාව අළලා සැකසු මෙම සිනමා නිර්මාණය ආරම්භක දිනයේ ඉපැයූ සමස්ත ආදායම ඉන්දීය රුපියල් කෝටි 34.75 කි.
සල්මාන් ඛාන්, ජැකලින් ෆර්නැන්ඩස්, බොබී ඩියෝල් රඟන රේස් 3 එහි දෙවැනි ස්ථානය අත්කරගෙන ඇත.
ඒ අනුව ඔවුන් ලබාගෙන ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 29.17කි.
ඉන්දීය රුපියල් කෝටි 25.25 ක ආදායමක් සමඟ ගෝල්ඩ් සිනමාපටයට තෙවැනි ස්ථානයේ පසුවේ.
ගෝල්ඩ් හි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අක්ශේ කුමාර් විසිනි.
සිව්වැනි ස්ථානය භාගි 2ට සහ පස්වැනි ස්ථානය සත්‍යමේවා ජායතේ යන සිනමාපටවලට හිමිව ඇත.
එම චිත්‍රපට පිලිවෙලින් ඉන්දීය රුපියල් කෝටි 25.10 ක් සහ 20.52 ක් පළමු ප්‍රදර්ශන දිනයේ දී උපයා ඇත.