මේ වනවිට අලුත්වැඩියා කරමින් පවතින එල්ෆින්ස්ටන් රඟහල එළඹෙන නොවැම්බරයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ.
පසුගිය 17 සිකුරාදා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මේ බව ප්‍රකාශ කර ඇත.
2012 දී වසා දැමුණු මෙම රඟහලේ අලුත්වැඩියා කටයුතු වත්මන් රජය විසින් සිදු කරගෙන යන බවත් ඔක්තෝබර් මාසයට පෙර එහි වැඩ අවසන් කොට සංස්කෘතික අමාත්‍යංශයට භාර දෙන මෙන් අදාළ කොන්ත්‍රාත් සමාගම වෙත දැනුම් දී ඇති බවත් ඔහු එහිදී සඳහන් කර තිබේ.
කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහල මෙන්ම එල්ෆින්ස්ටන් රඟහල වසා තිබීම ගැන කලාකරුවන් පිරිසක් වත්මන් ආණ්ඩුවට චෝදනා කරන නමුත් එම රඟහලවල් වසා දමා තිබෙන්නේ පසුගිය ආණ්ඩු සමයේ බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පවසා ඇත.
එසේම කලාකරුවන් සඳහා අයවැය මඟින් පනවා ඇති බදු අඩු කිරීම පිළිබඳ තමන් ජනාධිපතිතුමා සහ අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කළ බවත් ළඟදීම එම බදු අඩු කොට කලාකරුවන්ට සහනයක් ලබාදෙනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.