උගන්ඩා ජාතික පොප් තාරකාවක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන බොබී වයින් නිදහස් කරන මෙන් ඉල්ලා ක්‍රිස් මාටින්, ඇන්ජලික් කිද්ජෝ සහ ඩේමන් ඇල්බර්න් ඇතුළු සංගීත ලෝකයේ නම් දැරූ කලාකරුවන් 80 කට අධික පිරිසක් එක්ව පෙත්සමකට අත්සන් තබා ඇත.
රොබර්ට් යගුලන්යි යනු බොබීගේ සැබෑ නාමය යි.
විපක්ෂ මන්ත්‍රීවරයෙක් වන ඔහු සතියකට වැඩි කාලයක් තිස්සේ සිර අඩස්ස්සියේ රඳවා තබා ගෙන තිබේ.
සිරගත කර සිටින ඔහුට ඉතා කුරිරු අන්දමින් සැලකීම සංගීතවේදීන් තරයේ හෙළා දැක ඇත.
අත්අඩංගුවේ පසුවන බොබී වයින් දැඩි හිංසාවට ලක් කර තිබෙන බව ඔහුගේ නීතිඥවරු පවසන නමුත් හමුදාව එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.
නීතිවිරෝධී ගිනිඅවි තමන් සන්නතකයේ තබා ගැනීම බොබී වයින්ට විරුද්ධව එල්ල වී ඇති චෝදනාව වන අතර 23 බ්‍රහස්පතින්දා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් සහ එරට ජනපති මුසවේනිගේ පාලන තන්ත්රය විවේචනය කළ පුද්ගලයකුගේ හඬ නිහඬ කිරීම පිණිස සිදු කරන ලද්දක් යැයි බොහෝ දෙනෙකුගේ අදහස වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.