ප්රවීන රංගන ශිල්පිනි බාබරා හැරිස් අභාවප්රාප්ත වී තිබේ.
පෙනහළු පිළිකාව නිසා මියයන විට ඇය 83 හැවිරිදි වියේ පසුවිය.
1976 දී නිර්මාණය කරන ලද ෆ්රිකි ෆ්රයිඩේ සහ ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ අවසන් සිනමා නිර්මාණය වන ෆැමිලි ප්ලොට් වැනි චිත්රපට තුළින් ඉමහත් ප්රේක්ෂක ආදරය දිනා ගැනීමට ඇය සමත් විය.
“ද ඇපල් ට්රි” වෙනුවෙන් ලබා දුන් රංගන දායකත්වය උදෙසා 1967 ටෝනි සම්මාන උළලේදී හොඳම නිළියට හිමි සම්මානය බාබරා දිනා ගත්තා ය.
එසේම 1971 ඔස්කාර් සම්මාන උළළේ හොඳම සහය නිළිය සම්මානයට ද ඇය නිර්දේශ වුවා ය.