හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා අභිනන්දන හරසර ප්රණාම උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.
අසමසම නිසග ප්‍රතිභාව හා නිර්මාණ අභ්‍යාස නියුක්තිය ප්‍රවර්ධනය කර තාරකා එළියෙන් දිදුලන සිනමා නිම්නය සිය නිරූපණ කෞශල්‍යයෙන් ප්රභාවත් කළ සහ තමන්ට අනන්‍ය වූ සුවිශිෂ්ට රංගන කලාවක නිරතවෙමින් සිංහල සිනමාවට සුවිශේෂී සේවාවක් ඉටු කළ මහා සිනමා නිළි ආචාර්ය මාලනී ෆොන්සේකාගේ අඩ සිය වසක උත්කෘෂ්ට කලා මෙහෙවර අගයනු වස් ආචාර්ය මාලනී ෆොන්සේකා පදනම මගින් මෙම උපහාර උළෙල සංවිධානය කර තිබුණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු විද්වතුන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මීට එක්ව සිටියහ.