කුෂී ලෙසින් මිතුරන් ආදරණීය නාමයකින් හදුන්වන ඇය මියුරු හඬ නිසා අන්තර්ජාලය හරහා සැමගේ ආදරය දිනාගත් චරිතයක්. බහරේනයේ වෙසෙන ඇයගේ සැබෑ නම මධූෂා ගිම්හානි.
මියුරු හඬින් ගයන ගීත නිසාම සැමගේ ආදරය දිනාගත් ඇය වෘත්තියෙන් සංගීත ශිල්පිණියක් නොවීමද විශේෂත්වයක්.
ඇය බහරේනයේ රූපලාවන්‍ය ආයතනයක සේවය කරන අතර ඇය 23 හැවිරිදි වියේ පසුවන තරුණියක්.
ඇය පවසන්නේ තමන් කිසිම දිනක සංගිතය ඉගෙන ගෙන නොමැති බවයි.
තවද හින්දි භාෂාව මනාවට හැසිරවිය හැකි නිසාම බහරේනයේදී ඇය ගී ගයන අයුරු දුටු ප්‍රධාන පෙළේ බොලිවුඩ් සිනමා අධ්යක්ෂවරයෙක් තමන්ට බොලිවුඩ් පුරවරයට ආරාධනා කළ බවත් කුෂී පවසනවා.
ඇය තවම ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැති අතර කුෂී හෙවත් මධූෂා ගිම්හානි ගී ගයන්නේ හින්දි භාෂාවෙන් පමණක් නොවේ.
නුදුරු අනාගතයේදීම යළිත් ශ්‍රී ලංකාවට පැමිණ ලාංකීය රසික රසිකාවියන්ට සිය නිර්මාණවලින් සංග්‍රහ කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි කුෂී පවසන්නේ.
මූලාශ්‍ර බීබීසී