විසාකේස චන්ද්‍රසේකරම්ගේ සිනමා නිර්මාණයක් වන “පාංශු” හි ප්‍රථම ජාත්‍යන්තර ප්‍රදර්ශනය 2018 මොන්ට්‍රියල් වර්ල්ඩ් ෆිල්ම් ෆෙස්ටිවල් (MWFF) හිදී සිදු කිරීමට නියමිත ය.
ඒ අනුව එළඹෙන සැප්තැම්බර් පළමු වැනිදා සවස 6.30 ට කැනඩාවේ මොන්ට්‍රියල් හි පිහිටි සිනෙමා සිනෙප්ලෙ ඕඩියන් කාතියේ ලතින් නම් සිනමාශාලාවේදී මෙම චිත්‍රපටය තිරගත කෙරෙනු ඇත.
අගෝස්තු 23 වැනිදා සිට සැප්තැම්බර් 3 වැනිදා දක්වා පැවැත්වෙන සිනමා උළෙල සඳහා “පාංශු” කණ්ඩායම ද මේ වනවිට සහභාගී වී සිටියි.
88/89 භීෂණ සමයේ අතුරුදහන් වූ පුතු සොයා ගරා වැටුණු උසාවි මැදිරියක සිට ජරා ජීර්ණ වූ නීතියේ පිහිට අයදින මවකගේ අරගලය මෙම චිත්‍රපටයට පාදක වී ඇත.
නීටා ෆර්නැන්ඩු, ජගත් මනුවර්ණ, නදී කම්මැල්ලවීර, රන්දික ගුණතිලක, මැල්කම් මචාඩෝ ඇතුළු රංගන ශිල්පින් පිරිසක් පාංශු සඳහා රංගන දායකත්වය සපයා තිබේ.