ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධාන කරනු ලබන ස්වර්ණ පුස්තක සම්මාන උළලේ 2018 වර්ෂයේ අවසන් වටය සඳහා නිර්දේශිත කෘති ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව අවසන් වටය සඳහා ග්රන්ථ 5 ක් තේරී පත්වී ඇත.
එම ග්රන්ථ මෙසේ වේ,
1.වරණ - පද්මිනී සෙනෙවිරත්න - විදර්ශන ප්‍රකාශන.
2. චක්‍ර - ජයතිලක කම්මැල්ලවීර - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය.
3. අප්පච්චී ඇවිත් - සමන් වික්‍රමාරච්චි - සරසවි ප්‍රකාශන.
4. අසනග වැසි - දර්ශනා ශම්මි විජේතිලක - සුසර ප්‍රකාශන.
5. යකඩ සිල්පර - විමල් උදය හපුගොඩාඅරච්චි - සුරස ප්‍රකාශන
ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සැප්තැම්බර් 15 වන දින බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත ය.