41 වැනි සිග්නිස් සම්මාන උළෙල අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී ඊයේ (25) දින පැවැත්වුණි.
ධර්ම යුද්ධය චිත්‍රපටයේ හරිස්චන්ද්‍රගේ චරිතයට පණ පෙවු ජැක්සන් ඇත්තනි 2017 වසරේ නිර්මාණශිලි හොදම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ ය. හොදම නිලිය සම්මානය හිමි වුනේ ප්‍රේමය නම් චිත්‍රපටයේ සමාධිගේ භුමිකාව රගපෑ සමනලි ෆොන්සේකාටයි.
නිර්මාණශිලි සහය නළුවාට හිමි සම්මානය ධර්ම යුද්ධය චිත්‍රපටයේ විමල්ගේ භුමිකාව රගපෑ කුමාර තිරිමාදුරට ද සහය නිළියට හිමි සම්මාන ප්‍රේමය නම් චිත්‍රපටයේ ඉනෝකාගේ භුමිකාව රගපෑ සුරංගා රණවකටයි හිමි විය.
2017 වසරේ නිර්මාණශිලි ගායිකාවට හිමි සම්මානය සීරජ ටෙලි නාට්‍යයේ නයිකදුරේ විසයි ගීතය ගැයූ ඉන්දිකා උපමාලි දිනා ගත්තා ය.
බැද්දේ කුළවමිය ටෙලි නාට්‍යයේ එඩ්වින්ගේ චරිතය රගපෑ මහේන්ද්‍ර පෙරේරාට 2017 වසරේ නිර්මාණශිලි හොදම නළුවාට හිමි සම්මානය හිමි වූ අතර හොදම නිලිය ලෙස සම්මානය දිනාගත්තේ එම නාට්‍යයේම චංචලාගේ චරිතය රගපෑ නදී කම්මැල්ලවීරයි.
Photography by Ghinthaka Arambewala
https://mirrorarts.lk/news/3848-signis-18-e#sigProIda478b634b0