කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පසුගිය සෙනසුරාදා (2018.08 25) නිමාව දුටු 41වෙනි සිග්නීස් උත්තමාචාර උළෙලේදී වසරේ 'නිර්මාණශීලී හොඳම සිනමා නිර්මාණය' ලෙසින් කිරුළ දැරීමට වින්දන ආරියවංශ හා කල්පන ආරියවංශ අධ්‍යක්ෂණය කල සහ කල්පන ආරියවංශ, ප්‍රේම් දිසානායක, අතුල මහවලගේ හා සුජීව විජේසිංහ එක්ව නිෂ්පාදනයන කල ‘ප්‍රේමය නම්’ සිනමාපටය සමත් විය.
2017 වර්ෂයේ මෙරට තිරගත වූ සිනමාපට 26 ක් අතුරින් සිනමාපට 08 ක් පෙරේදා දින උළෙලේ පිරිනැමූ ජූරි සම්මානයන් 24 කට හිමිකම් කියූ අතර, එහිදී 2017 වසර වෙනුවෙන් වැඩිම සම්මාන සංඛ්‍යාවකින් (05 ක්) පිදුම් ලැබූ සිනමාපට ලෙසින් සමතැන් ගැනීමට ‘ප්‍රේමය නම් ' සහ බූඩී කීර්තිසේනගේ ' නිම්නයක හුදකලාව ' යන සිනමාපට සමත් විය. එහි තෙවෙනි තැන්හී විමුක්ති ජයසුන්දරගේ 'සුළඟ ගිනි අරන්' සිනමාපටය ස්ථානගත විය.
2017 වර්ෂයේ තිරගත වූ සිනමාපට අගයනු වස් පැවති තෙවෙනි සිනමා සම්මාන උලෙළ මෙය වූ අතර ,එහිදී මින් පෙර පැවති දෙරණ සම්මාන උලෙළේදී 'හොඳම චිත්‍රපටය' හා 'හොඳම අධ්‍යක්ෂකවරයා' යන ප්‍රමුඛතම සම්මාන ද්විත්වය ඇතුළුව සම්මාන 04 කින්ද, සරසවි සම්මාන උලෙළේදී 'හොඳම චිත්‍රපටය' හා 'හොඳම අධ්‍යක්ෂකවරයා' යන ප්‍රමුඛතම සම්මාන ද්විත්වය ඇතුළුව සම්මාන 05 කින්ද පිදුම් ලැබීමට වරම් හිමිවූ ප්‍රසන්න ජයකොඩිගේ 'විසි අට' සිනමාපටය හට, සිග්නීස් සිනමා උලෙළේදී එකදු සම්මානයකට හෝ හිමිකම්කීමේ අවස්ථාව සිග්නීස් සිනමා ජූරිය විසින් හිමිකර දී නොතිබීම කැපීපෙනුනි. එයට අමතරව එක් එක් ජූරි මණ්ඩලය සිනමාව දකින ආකාරය එකිනෙකට වෙනස් බව යලිත් සනාථ කරමින්, දෙරණ ,සරසවි හා සිග්නීස් යන ජූරි මණ්ඩල ත්‍රිත්වය හමුවේම වෙනසකට බඳුන් නොවූ සම්මාන සංඛ්‍යාව එකකට ( 'හොඳම වේෂ නිරූපණය' - ජයන්ත රණවක- ආලෝකෝ උදපාදි) සීමාවීමද කැපීපෙනුනි. .
2017 සම්මාන විසිරීම----
ප්‍රේමය නම්- සම්මාන 05/ නිම්නයක හුදකලාව- සම්මාන 05/ සුළඟ ගිනි අරන්- සම්මාන 04/ ධර්මයුද්ධය- සම්මාන 03/ බන්ධනය- සම්මාන 03/ ආලෝකෝ උදපාදි- සම්මාන 02/ ස්වරූප- සම්මාන 01/ නිනෝ ලයිව්- සම්මාන 01
උළෙලේ ප්‍රධාන සිනමා ජූරිය-----
ලාල් පුෂ්පදේව පියතුමා (සභාපති)/ එඩ්වින් ආරියදාස/ ප්‍රණීත් අභයසුන්දර/ සුනිල් විජේසිරිවරධන / මාලනී ෆොන්සේකා/ සුදත් මහදිවුල්වැව/ ගොඩ්ෆී කුරේ
සිග්නීස් ස්වර්ණ සම්මාන ඛාණ්ඩය----
•හොඳම චිත්‍රපටය (Best Picture): ප්‍රේමය නම් (වින්දන ආරියවංශ/ කල්පන ආරියවංශ)
•හොඳම අධ්‍යක්ෂකවරයා ( Best Director): විමුක්ති ජයසුන්දර (සුළඟ ගිනි අරන්)
•හොඳම තිරරචනය (Best Screenplay): වින්දන ආරියවංශ/ කල්පන ආරියවංශ (ප්‍රේමය නම්)
•හොඳම නළුවා (Best Actor): ජැක්සන් ඇන්තනී (ධර්මයුද්ධය)
•හොඳම නිළිය (Best Actress): සමනලී ෆොන්සේකා (ප්‍රේමය නම්)
•හොඳම සහාය නළුවා (Best Supporting Actor): කුමාර තිරිමාදුර (ධර්මයුද්ධය)
•හොඳම සහාය නිළිය (Best Supporting Actress): සුරංගා රණවක (ප්‍රේමය නම්)
•හොඳම සිනමා කැමරාකරණය (Best Cinematography): චන්න දේශප්‍රිය (නිම්නයක හුදකලාව)
•හොඳම සංස්කරණය (Best Editing): චන්දන ප්‍රසන්න/ උදාර වීරරත්න (නිම්නයක හුදකලාව)
•හොඳම ශබ්ද සැලසුම්කරණය (Best Sound Design): ඇලෙක්සැන්ඩෲ යෝසූබ් /අරුණ ප්‍රියන්ත කළුආරච්චි (නිම්නයක හුදකලාව)
•හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය (Best Original Music Score): ලක්ෂ්මන් ජෝසප් ද සේරම් (සුළඟ ගිනි අරන්)
•හොඳම වර්ණ සංයෝජනය (Best Colour Grading): දිනිදු ජාගොඩ (සුළඟ ගිනි අරන්)
•හොඳම කලා අධ්‍යක්ෂණය (Best Art Direction): ලාල් හරේන්ද්‍රනාත් (ස්වරූප)
•හොඳම සජිවීකරණය (Best Visual Effect): සිද්ධාර්ථ නයනානන්ද/ බුද්ධික විජේරත්න/ සමින්ද වටවල විතානගේ (බන්ධනය)
•හොඳම වේෂ නිරූපණය (Best Make up): ජයන්ත රණවක (ආලෝකෝ උදපාදි)
•හොඳම ගී පද රචනය (Best Lyrics): සුනිල් ආරියරත්න- නිවීගිය සඳ පහන (ප්‍රේමය නම්)
•හොඳම පසුබිම් ගායනය (Best Playback Singing): රොසීටා යේසුදාසන් - නිවීගිය සඳ පහන (ප්‍රේමය නම්)
සිග්නීස් විශේෂ ජූරි සම්මාන ඛාණ්ඩය----
•සමස්ථ නිෂ්පාදනය උදෙසා වූ විශේෂ ජුරී සම්මානය (Special Jury Award for Overall Production): තුසිත විජයසේන (ආලෝකෝ උදපාදි)
•අධ්‍යක්ෂණය උදෙසා වූ විශේෂ ජුරී සම්මානය (Special Jury Award for Direction): උදයකාන්ත වර්ණසූරිය (බන්ධනය)
•සංස්කරණය උදෙසා වූ විශේෂ ජුරී සම්මානය (Special Jury Award for Editing): සමන් ඇල්විටිගල (සුළඟ ගිනි අරන්)
•රංගනය උදෙසා වූ විශේෂ ජුරී සම්මානය (Special Jury Award for Acting): සෞම්‍ය ලියනගේ (නිම්නයක හුදකලාව)
කුසලතා ඇගයීම් සහතික ඛාණ්ඩය-----
•කුසලතා සහතිකය- රංගනය උදෙසා (Certificate of Merit for Acting): සහේලි සතරසිංහ (බන්ධනය)
•කුසලතා සහතිකය- රංගනය උදෙසා (Certificate of Merit for Acting): නිනෝ අරලිය (නිනෝ ලයිව්)
•කුසලතා සහතිකය- රංගනය උදෙසා (Certificate of Merit for Acting): ධනුක ඩිල්ශාන් (ධර්මයුද්ධය)
සිග්නීස් සුවිශේෂී උපහාර උත්තමාචාර සිනමා සම්මාන ඛාණ්ඩය----
•සුමනා අමරසිංහ (සිනමා රංගනය වෙනුවෙන්)
•කාන්ති ලංකා පෙරේරා (සිනමා රංගනය වෙනුවෙන්)
•තිස්ස නාගොඩවිතාන (සිනමාපට සංරක්ෂණ වෙනුවෙන්)
කෙටි සිනමාපට තරඟය උදෙසා වූ සම්මාන ඛාණ්ඩය----
**ජූරිය- ලාල් පුෂ්පදේව පියතුමා (සභාපති)/ අශෝක හඳගම/ විමුක්ති ජයසුන්දර/ බූඩී කීර්තිසේන/ සුදත් රෝහණ/ අරුණ ලොකුලියන
- •හොඳම කෙටි චිත්‍රපටය: Wind through the Holes (රොෂාන් එඩ්වඩ්)
•දෙවැනි ස්ථානය: ගණන් ගන්නැති කතාවක් (තිසර මංගල බණ්ඩාර)
• තෙවැනි ස්ථානය: Hope (ෆාතිමා ශානාස්)
සටහන - උදිත ලක්මාල් කහඳවාරච්චි